හැම වර්ගයකම මාළු ඔබේ ශරීරයට හිතකරයි. නිතරම කන කෑම වල නැති ගොඩක් පෝෂක ද්‍රව්‍ය මාළු වල තියනවා. ඉතාම ඉස්තරම් ප්‍රෝටීන් , අයඩින්, විටමින් සහ ඛනිජ ලවන වර්ග මාළු වල යහමින් අඩංගුයි. මේද අඩංගු මාළු වර්ග වැඩියෙන්ම ගුණ මාළු වර්ග ලෙස පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියනවා.
මේද සහිත පෝෂක ද්‍රව්‍ය වලින් අනූන ලෙස සලකන්නේ සැමන්, ට්‍රවුට්, ටූනා, මැකරල් වැනි මාළු වර්ගයි. මේදයේ දියවන විටමින් D කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුට අඩුවෙන් ලැබෙන විටමින් වර්ගයක්. ශරීරයේ හෝර්මෝන ශ්‍රාවය නිසි ලෙස කරගෙන යන්න මේ විටමින් එක ගොඩක් උදවු වෙනවා.
මේද අධික මාළු වල තිබෙන තවත් වටිනා පෝෂකයක් තමයි Omega 3 මේද අම්ලය කියන්නේ. ශරීරය සහ මොළය නිසි ලෙස ක්‍රියා කරන්නට omega – 3 ඉතාම වැදගත් වෙනවා විතරක් නෙවෙයි ලෙඩ රෝග ගොඩක් වළක්වන්නත් උදවු වෙනවා. ලෝකයේ වැඩියෙන්ම අකල් මරණ වලට හේතු වෙන්නේ හදවත් අබාධ. නමුත් සුභ ආරංචිය තමයි සතියකට තුන් පාරක් විතර මාළු කනවා නම් හදවත් අබාධ ඇති වීමේ අවධානම ගොඩක් අඩු වෙනවා කියන එක.
මාළු වල බහුලව අඩංගු omega 3 සහ DHA ( docosahexaenoic acid) කියන්නේ දරුවෙක්ගේ මොළය සහ ඇස වර්ධනය කරන්න උවමනා කරන දේවල්. ඒක නිසා මාළු සතියකට කීප වරක් ආහාරයට ගැනීම ඉතාම වැදගත්. නමුත් අමු මාළු යොදල හදන ශුෂි ( sushi) වැනි කෑම ගර්භනී කාලයේදී නොකා සිටීය යුතුයි. මොකද එවුවගේ අඩංගු ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් දරුවට හානි කරන්න පුළුවන්.වයසින් වියපත් වීම සමග මොලයේ මතකය, ඉන්ද්‍රියන් පාලනය සහ කථනය වැනි ක්‍රියාවන් අඩපන වෙනවා. බොහෝ අධ්‍යනයන්ට අනුව වැඩිපුර මාළු ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ වයසට යාම සමග ඇතිවන Alzheimer’s disease වැනි අබාධ අවමයි.
මාළු වල ඇති omega 3 මානසික අවපීඩනය නැත්නම් depression සමනය කරන්නත් හේතු වෙනවා. මොලයේ නිසි ක්‍රියාකාරීත්වය ඇතිකර සතුට වැඩිවන හෝර්මෝන ශ්‍රාවය කිරීමට දායක වෙන මාළු නිතරම කන්න ඕනේ.මාළු වල ඇති omega 3 මේද අම්ලය වයසට යන විට ඇති වන අක්ෂි අබාධ සාර්ථකව වලක්වන බව සායනිකව තහවුරු වී ඇත.නින්ද යාමේ ප්‍රශ්න ලෝකය පුරාම පැතිරෙමින් තිබෙනවා. වෛද්‍ය වරුන් විශ්වාස කරනවා විටමින් D ඌණතාවය මෙයට හේතුවක් කියල. මාළු වල බහුලව ඇති විටමින් D මගින් මෙයට හොඳ විස්නදුමක් ලැබෙනවා.
හාල්මැස්සන් - ඉක්මනින් දිරවයි.වාතය පිත නසයි.
බල මාළු - පාන්ඩුව, මන්දපෝෂණය නැති කරයි. සෙම මර්ධනය කරයි.
ලූල් මාළු - සිසිල් ගුණයෙන් යුක්තයි. වාතය නසයි.
තෝර මාළු - ආහාර රුචිය වවයි. වාතය පිත සෙම සමනය කරයි. සෙම මර්ධනය කරයි.
පෙතියා මාළු - ශරීරය පුෂ්ටිමත් කරයි. පිත මර්ධනය කරයි.
මඩු මාළු - රුධිරයේ දෝෂ නසයි. වාත ආබාධ නැති කරවයි. සෙම වැවයි. ශරීරය පුෂ්ටිමත් කරයි.
ආඳා මාළු - ඇස් පෙනීම සහ කන් ඇසීම දියුණු කරවයි. ශරීරය පුෂ්ටිමත් කරයි. සෙම වඩවයි.
ඉස්සන් - දිරවීම ප්‍රමාද කරවයි. සෙමට අහිතකර වේ.
References:
No comments:
Post a Comment