යෝගට් යනු කිරි වෙත බැක්ටීරියාමය පැසවීම සිදු කිරීමෙන් සදන කිරිපට්ටි නිෂ්පාදිතයකි (සෝයා කිරි, ආමන්ඩ් කිරි වැනි ඇට වර්ග වලින් ලබාගන්නා කිරි සහ පොල් කිරි වුවද භාවිතා කල හැක).
යෝගට් මඟින් සිරුරේ ඇටමිදුළු ආශ්‍රිත රෝගාබාධ ඉක්මනින් සුව කළ හැකි ය. ඒ වාගේ ම, හදවත් රෝග වැළඳීමේ ප්‍රවණතාව ද අවම කරයි. ආහාර අධික වීමෙන් වැළඳෙන ස්ථුලතාව ද යෝගට් ආහාරයට ගැනීමෙන් අවම කර ගත හැකි ය.
යෝගට් සහ දියවැඩියාව
නව පර්යේෂණයකට අනුව වැඩිපුර යෝගට් ආහාරයට ගැනීම තුලින් දියවැඩියාව 2 වර්ගය වර්ධනය වීම අඩු වන බව සොයාගෙන ඇත. ඉහත පරික්ෂණය මගින් යෝගට් වල ඇති ca,mg හා fatty acid මගින් දියවැඩියාව 2 වර්ගය අඩු කිරීමට බලපාන බව ආවරණය කරයි.මෙයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙනුයේ යෝගට් වල ඇති ප්‍රෝබයෝටික් බැක්ටිරියා මගින් මේද තත්වය හා ඇන්ටි ඔක්සිඩන්ට් තත්වය වැඩි කර දියවැඩියාව 2 වර්ගය වර්ධනය වීම අඩු කරන බවයි.
No comments:
Post a Comment