Saturday, September 14, 2019

Cigarettes - සිගරට්වල හොඳ නරක



සිගරට් බොන එක කියන්නේ නවත්තන්න හරිම අපහසු නරක පුරුද්දක් කියන එක කවුරුත් වගේ දන්නවා. ඉතාම දරුණුවට ඇබ්බැහි වෙන සංයෝගය වන නිකොටීන් අඩංගු වන නිසා තමයි මේ වගේ සිගරට් බොන එක නවත්තන්න බැරි වෙන්නේ.

සිගරට් වල ප්‍රධාන සංඝටකය වෙන දුම්කොළ අත ඇරලා සැලකුවාම ශරීරයට අහිතකර සංයෝග 4000ක් විතර සිගරට් එකක් තුල අඩංගුයි. මෙයින් 50ක විතර ප්‍රමාණයක් පිළිකා ඇති කරවන බවට තහවුරු වුන දේවල්.

නිකොටීන් 

නිකොටීන් කියන්නේ මිනිසා නිතර පාවිච්චි කරන දේවල් වලින් ඇබ්බැහි වීමේ හැකියාව ඉහලම සංයෝගයයි. මේ නිසා නිකොටීන් ඇබ්බැහියට ලක් වුනු කෙනෙක්ට නිකොටීන් නැතිව ඉන්න බැරි වෙනවා. නවත්තලා හිටියත් දරුණු විදිහට ඇඟ ලෙඩ වෙනවා. නිකොටීන් අත්‍යාවශ්‍ය දෙයක් බවට පත් වෙනවා.

කාබන් මොනොක්සයිඞ් 

මේ කාබන් මොනොක්සයිඞ් කියන්නේ උග්‍ර විෂක්. අපේ ලේ වලට එකතු වෙලා ඔක්සිජන් ගෙන යන එක අඩු කරන්න මේකට පුළුවන්. කාබන් මොනොක්සයිඞ් වැඩිපුර ආඝාණය වුණාම ඉක්මනින් මිය යන්න ඉඩක් තියෙනවා. ඒ වගේ දෙයක් නිතර උරා බොන එක හොඳද කියලා ඔබම තීරණය කරන්න.

  • ආසනික් – මී විෂ වල අඩංගු ප්‍රධාන ක්‍රියාකාරී සංයෝගය 
  • හයිඩ්‍රජන් සයනයිඞ් – උග්‍ර විෂ වායුවක්.. ලෝක යුද්ධ සමයේ විෂ වායු ප්‍රහාර වලට පාවිච්චි වුණා. දැන් නීතියෙන් තහනම් කරලා තියෙන්නේ. 
  • DDT – පිළිකා කාරක කෘමි නාශක වර්ගයක්’ 
  • සල්ෆියුරික් අම්ලය – මිනිස් සමට දරුණු හානි පමුණුවන ප්‍රබල අම්ලයක්. 
  • බියුටේන් – LP වායුවේ තියෙන හුස්ම ගන්න හොඳ නැතිම වායුවක්. 
  • කැඞ්මියම්ල මල්ටිටෝල් – නීතියෙන් තහනම් රසකාරක වර්ගයක්.


e-සිගරට්වල හොඳ නරක

E-සිගරට් එකක් කියන්නේ බොහෝ විට නිකොටීන් අඩංගු වන යම් ද්‍රාවණයක් වාෂ්ප කරලා එය ආඝ්‍රාණය කරන්න ඉඩ සලසන උපාංගයක්.



සාමාන්‍ය දුම්වැටියක් පාවිච්චි කළ හැක්කේ එකවරක් පමණක් වුවත් e-සිගරට් එකකට අදාළ ද්‍රවය පිරවීම සහ බැටරිය චාජ් කිරීම මගින් එය නැවත නැවත භාවිතයට හැකියාව ලැබෙනවා. මේ නිසා ක්‍රියාකාරීත්වය අතින් e-සිගරට් එකක් වඩාත් සමාන වෙන්නේ නැවත නැවත දුම්කොළ පුරවා භාවිත කරන දුම් පයිප්පයකට යි.

මෙම ද්‍රාවණයන් නිකොටීන් සාන්ද්‍රණය අඩු වැඩි කරමින් නිෂ්පාදනය කරන්න හැකි වීමත් වාසියක්. දුම් බොන්න පුරුදු වී සිටින කෙනෙකුට නිකොටීන් සාන්ද්‍රණය ඉහළ ද්‍රාවණයකින් පටන් අරන් සාන්ද්‍රණය අඩුම ද්‍රාවණයක් දක්වා ක්‍රම ක්‍රමයෙන් අඩු කරගන්න අවස්ථාවක් කියලත් e-සිගරට් අලෙවිකරණය සිදුවෙනවා.

References:

No comments:

Post a Comment