ආහාර රස ගැන්වීම සඳහා යොදනු ලබන ධාන්‍ය වර්ගයක් ලෙසින් උළුහාල් හැඳින්විය හැක. ඖෂධීය ගුණයන් ද ඇති අතර ආහාර සුවඳවත් කිරීමට ද උපකාරී වේ.
උළුහාල්වල ඇති පෝෂණ ගුණයන් මෙසේ සඳහන් කළ හැක. ශරීරයට අත්‍යවශ්‍ය වන ඛනිජ කොපර්, පොටෑසියම්, සින්ක්, කැල්සියම්, සෙලිනියම්, යකඩ වැනි පෝෂණ ගුණයන් උළුහාල්වල අන්තර්ගතව පවතී. එමෙන්ම විටමින් ඒ, විටමින් සී, විටමින් බී6, ෆෝලික් ඇසිඩ් වැනි පෝෂණ ගුණ ද කෙඳි බහුලව ද අන්තර්ගය.
උළුහාල් ග්‍රෑම් 100 කෙඳි ග්‍රෑම් 24.6 හෝ සියයට 65කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගතව පවතී. මෙහි මේදය ග්‍රෑම් 28ක් ද, ප්‍රෝටීන් ග්‍රෑම් 23ක් ද අඩංගුය.
කොලොස්ටරෝල්
උළුහාල් මඟින් රුධිරයේ ඇති අහිතකර කොලොස්ටරෝල් වන එල්.ඩී.එල් මට්ටම පහත දමයි. අප විසින් ගනු ලබන ආහාරවල ඇති විෂ ද්‍රව්‍යයන් උළුහාල් මඟින් අවශෝෂණය කර මහා අන්ත්‍රයට පිළිකා මඟින් ඇති විය හැකි අනතුරු වළකාලන්නට උදවු කෙරේ. එමෙන්ම උළුහාල් මඟින් ආහාර මාර්ගයේදී ආහාර හොඳින් කැටි කර හොඳින් මළ පිට කිරීමට උදවු කරන අතර එමඟින් මළබද්ධය වළකාලයි. එයට බොහෝවිට උදව් වන්නේ උළුහාල්වල ඇති පිෂ්ඨමය නොවන පොලිසැකරයිඩ් නම් කාබෝහයිඩ්‍රේට් විශේෂයයි.
දියවැඩියා
උළුහාල්වල ඇති හයිඩ්‍රොජසි අයිසොලියුසීන් නම් රසායනික සංයෝගය මඟින් ඉන්සියුලින් ස්‍රාවය නිපදවීමට උදවු කෙරේ. එමඟින් දියවැඩියා රෝගීන්ට උළුහාල් ඉතා ගුණදායක වේ. මෙහි පවතින කෙඳි මඟින් ආහාර මාර්ගයේ ග්ලූකෝස් අවශෝෂණය අඩු කෙරේ. කැස්ස සහ ශ්වාසනාල ප්‍රදාහ සඳහා ද උළුහාල් ඉතා ගුණදායක වේ. රුධිරයේ සීනි ප්‍රමාණය අඩු කිරීමට ද උළුහාල් බොහෝ උපකාරී වේ. එමෙන්ම කිරිදෙන මව්වරුන්ට කිරි නිපදවීමටත් උණ රෝගය වැළඳුණු විට දිය හැකි ඖෂධයක් ලෙසින් ද උළුහාල් හැඳින්විය හැක. උගුරේ ආසාදන අඩු කිරීමට උළුහාල් උපකාරී වේ. මේ සඳහා උළුහාල් කුඩු තේ හැඳි එකක් මී පැණි තේ හැඳි එකක් සමඟ මිශ්‍ර කර එයට දෙහි ස්වල්පයක් ද එක්කර ආහාරයට ගන්න. උගුරේ ආසාදනයන්ට ඉතා ගුණදායක වේ.
දියවැඩියා රෝගීන් හට නිතරම උළුහාල් ආහාරයට ගන්න කියන නිර්දේශය අද බටහිර වෛද්‍යවරුන් පවා ලබා දෙනවා. ඇත්තෙන්ම උළුහාල් ගැන බටහිර ලෝකයේ පර්යේෂණ වැඩිපුරම සිදු කර තිබෙන්නේත් ඒ සතුව තිබෙන රුධිරගත ග්ලූකෝස් සාන්ද්‍රණය අවම කිරීමේ හැකියාව ගැනයි. ඒ ගැන සිදු කරපු පර්යේෂණ ගණනාවකට අනුව ආහාරයක් ලබා ගත් පසුව දියවැඩියාව නැති නීරෝගී පුද්ගලයන්ගේ සීනි ප්‍රමාණය ඉහළ යාම අවම කරන්නත්, 1 වන වර්ගයේ සහ 2 වන වර්ගයේ දියවැඩියාව තිබෙන රෝගීන්ට කාබෝහයිඩ්‍රේට සහිත ආහාරවලට දක්වන ප්‍රතිරෝධය ඉහළ නංවන්නත් උළුහාල්වලට හැකියාව ඇති බව තහවුරු වී තිබෙනවා.
දරු ප්‍රසූතිය පහසු කිරීම සඳහා ද ගර්භාෂයේ සංකෝචනය කිරීමට ද ප්‍රසූති වේදනාව අඩු කිරීමට ද උළුහාල් ඉතා ප්‍රයෝජනවත් වේ. මේ අවස්ථාවලදී උළුහාල් තැම්බූ වතුර පානය කරන්න. කාන්තාවන්ගේ ආර්තව චක්‍රයේදී වැඩිපුර රුධිරය පිටවීමේදී ඇති වන වේදනාව අඩු කරගැනීමටද උළුහාල් උපකාරී වේ.
කුරුලෑ, කළු ලප මුහුණේ ඇති වීම, සම රැලි වැටීම මෙන්ම සමේ ඇති වන විවධ චර්ම රෝගවලට උළුහාල් ඉතා හොඳ ඖෂධයකි. උළුහාල් තැම්බූ මඳ රස්නය ඇති වතුර මුහුණට සහ හිස කෙස්වලට ඉතා ගුණදායක වේ.
පිරිසුදු පොල් තෙල් ස්වල්පයක උළුහාල් ස්වල්පයක් රැයක් පමණ පොඟවා අඹරා එය හිසේ ආලේප කරන්න. පසුව විනාඩි විස්සක් පමණ හොඳින් හිස සම්භාහනය කරන්න. මෙයින් හිසකෙස් අකලට වැටීම හා තුනී වීම වළකාලයි.
ගෘහණියෝ උළුහාල් ආහාරවලට එක්කර ගනිති. එමගින් ආහාර දිරවීම පහසු කරයි. ප්‍රෝටීන් වැඩි තන්තු සහිත මස්, මාළු වැනි ආහාරවලට එක් කිරීමෙන් හොඳින් දිරවා හොඳින් මළ පිටකිරීමට උදවු කෙරේ. ව්‍යංජන පිසිද්දී උළුහාල් තේ හැඳි භාගයක් එක් කරන්න. මෙයින් ආමාශයේ සහ අක්මාවේ පිළිකා ඇති වීම වළකාලයි. එමෙන්ම උදරය පුරවා දැමීම වළකාලයි.
ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය නිපදවී මෙහිලා උළුහාල්වල වැදගත්කම නූතන පරීක්ෂණ වලින් සනාථ කර ඇති අතර, එමගින් ලිංගික බෙලහීනතාව මැඩලා වාජීකරණ ඔසුවක් ලෙස ක්‍රියාකිරීමේ අපූර්ව හැකියාවක්ද උළුහාල් සතුය.
තවද පිළිකා නැසීමටත් මුත්‍රාගල් සෑදීම වැළැක්වීමටත් අක්මා හා මොළයේ සෛල අනිසි ලෙස බිඳවැටීම පාලනයටත් උළුහාල් ඉතාම උපකාරී වන බව මේ වන විට සොයාගෙන තිබේ.
වාත සමන හා වාත අනුලෝමන ගුණ සහිත උළුහාල් දේහයේ ඇතිවන විවිධ වේදනාවන් සමනය කර දේ. ප්‍රධාන වශෙයන් කාන්තාවන්ගේ මාස් ශුද්ධියේදී ඇතිවන වේදනාව මදක් තුනී කර ගැනීම සඳහා උළුහාල් තැම්බූ වතුර භාවිතයෙන් සහනය ලැබේ.
ස්වභාවයෙන්ම තීක්ෂණ, උෂ්ණ හා ලඝු ගුණ අන්තර්ගත වෙන උළුහාල් සිරුරේ සියලු අවරෝධ වූ නාළ හා මාර්ග (ස්‍රෝතස්) පිරිසිදු කිරීමට උපකාරී වේ.
වමනය, හිස කැසිල්ල, සෙම්ප්‍රතිශ්‍යාව, ආහාර අරුචිය වැනි ආහාර නිසා ඇතිවන ආසාත්මිකතා වළකාලීමට උළුහාල් උපකාරී වේ.
originally posted in deshaya.lk
No comments:
Post a Comment