Sunday, August 16, 2020

උළුහාල් (Fenugreek)

කෑම හදනකොට දාන උළුහාල්වලින් ලැබෙන ...

ආහාර රස ගැන්වීම සඳහා යොදනු ලබන ධාන්‍ය වර්ගයක් ලෙසින් උළුහාල් හැඳින්විය හැක. ඖෂධීය ගුණයන් ද ඇති අතර ආහාර සුවඳවත් කිරීමට ද උපකාරී වේ. 

උළුහාල්වල ඇති පෝෂණ ගුණයන් මෙසේ සඳහන් කළ හැක. ශරීරයට අත්‍යවශ්‍ය වන ඛනිජ කොපර්, පොටෑසියම්, සින්ක්, කැල්සියම්, සෙලිනියම්, යකඩ වැනි පෝෂණ ගුණයන් උළුහාල්වල අන්තර්ගතව පවතී. එමෙන්ම විටමින් ඒ, විටමින් සී, විටමින් බී6, ෆෝලික් ඇසිඩ් වැනි පෝෂණ ගුණ ද කෙඳි බහුලව ද අන්තර්ගය. 

උළුහාල් ග්‍රෑම් 100 කෙඳි ග්‍රෑම් 24.6 හෝ සියයට 65කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගතව පවතී. මෙහි මේදය ග්‍රෑම් 28ක් ද, ප්‍රෝටීන් ග්‍රෑම් 23ක් ද අඩංගුය.

කොලොස්ටරෝල් 

උළුහාල් මඟින් රුධිරයේ ඇති අහිතකර කොලොස්ටරෝල් වන එල්.ඩී.එල් මට්ටම පහත දමයි. අප විසින් ගනු ලබන ආහාරවල ඇති විෂ ද්‍රව්‍යයන් උළුහාල් මඟින් අවශෝෂණය කර මහා අන්ත්‍රයට පිළිකා මඟින් ඇති විය හැකි අනතුරු වළකාලන්නට උදවු කෙරේ. එමෙන්ම උළුහාල් මඟින් ආහාර මාර්ගයේදී ආහාර හොඳින් කැටි කර හොඳින් මළ පිට කිරීමට උදවු කරන අතර එමඟින් මළබද්ධය වළකාලයි. එයට බොහෝවිට උදව් වන්නේ උළුහාල්වල ඇති පිෂ්ඨමය නොවන පොලිසැකරයිඩ් නම් කාබෝහයිඩ්‍රේට් විශේෂයයි.

දියවැඩියා

උළුහාල්වල ඇති හයිඩ්‍රොජසි අයිසොලියුසීන් නම් රසායනික සංයෝගය මඟින් ඉන්සියුලින් ස්‍රාවය නිපදවීමට උදවු කෙරේ. එමඟින් දියවැඩියා රෝගීන්ට උළුහාල් ඉතා ගුණදායක වේ. මෙහි පවතින කෙඳි මඟින් ආහාර මාර්ගයේ ග්ලූකෝස් අවශෝෂණය අඩු කෙරේ. කැස්ස සහ ශ්වාසනාල ප්‍රදාහ සඳහා ද උළුහාල් ඉතා ගුණදායක වේ. රුධිරයේ සීනි ප්‍රමාණය අඩු කිරීමට ද උළුහාල් බොහෝ උපකාරී වේ. එමෙන්ම කිරිදෙන මව්වරුන්ට කිරි නිපදවීමටත් උණ රෝගය වැළඳුණු විට දිය හැකි ඖෂධයක් ලෙසින් ද උළුහාල් හැඳින්විය හැක. උගුරේ ආසාදන අඩු කිරීමට උළුහාල් උපකාරී වේ. මේ සඳහා උළුහාල් කුඩු තේ හැඳි එකක් මී පැණි තේ හැඳි එකක් සමඟ මිශ්‍ර කර එයට දෙහි ස්වල්පයක් ද එක්කර ආහාරයට ගන්න. උගුරේ ආසාදනයන්ට ඉතා ගුණදායක වේ.

දියවැඩියා රෝගීන් හට නිතරම උළුහාල් ආහාරයට ගන්න කියන නිර්දේශය අද බටහිර වෛද්‍යවරුන් පවා ලබා දෙනවා. ඇත්තෙන්ම උළුහාල් ගැන බටහිර ලෝකයේ පර්යේෂණ වැඩිපුරම සිදු කර තිබෙන්නේත් ඒ සතුව තිබෙන රුධිරගත ග්ලූකෝස් සාන්ද්‍රණය අවම කිරීමේ හැකියාව ගැනයි. ඒ ගැන සිදු කරපු පර්යේෂණ ගණනාවකට අනුව ආහාරයක් ලබා ගත් පසුව දියවැඩියාව නැති නීරෝගී පුද්ගලයන්ගේ සීනි ප්‍රමාණය ඉහළ යාම අවම කරන්නත්, 1 වන වර්ගයේ සහ 2 වන වර්ගයේ දියවැඩියාව තිබෙන රෝගීන්ට කාබෝහයිඩ්‍රේට සහිත ආහාරවලට දක්වන ප්‍රතිරෝධය ඉහළ නංවන්නත් උළුහාල්වලට හැකියාව ඇති බව තහවුරු වී තිබෙනවා.

දරු ප්‍රසූතිය පහසු කිරීම සඳහා ද ගර්භාෂයේ සංකෝචනය කිරීමට ද ප්‍රසූති වේදනාව අඩු කිරීමට ද උළුහාල් ඉතා ප්‍රයෝජනවත් වේ. මේ අවස්ථාවලදී උළුහාල් තැම්බූ වතුර පානය කරන්න. කාන්තාවන්ගේ ආර්තව චක්‍රයේදී වැඩිපුර රුධිරය පිටවීමේදී ඇති වන වේදනාව අඩු කරගැනීමටද උළුහාල් උපකාරී වේ.

කුරුලෑ, කළු ලප මුහුණේ ඇති වීම, සම රැලි වැටීම මෙන්ම සමේ ඇති වන විවධ චර්ම රෝගවලට උළුහාල් ඉතා හොඳ ඖෂධයකි. උළුහාල් තැම්බූ මඳ රස්නය ඇති වතුර මුහුණට සහ හිස කෙස්වලට ඉතා ගුණදායක වේ.

පිරිසුදු පොල් තෙල් ස්වල්පයක උළුහාල් ස්වල්පයක් රැයක් පමණ පොඟවා අඹරා එය හිසේ ආලේප කරන්න. පසුව විනාඩි විස්සක් පමණ හොඳින් හිස සම්භාහනය කරන්න. මෙයින් හිසකෙස් අකලට වැටීම හා තුනී වීම වළකාලයි.

ගෘහණියෝ උළුහාල් ආහාරවලට එක්කර ගනිති. එමගින් ආහාර දිරවීම පහසු කරයි. ප්‍රෝටීන් වැඩි තන්තු සහිත මස්, මාළු වැනි ආහාරවලට එක් කිරීමෙන් හොඳින් දිරවා හොඳින් මළ පිටකිරීමට උදවු කෙරේ. ව්‍යංජන පිසිද්දී උළුහාල් තේ හැඳි භාගයක් එක් කරන්න. මෙයින් ආමාශයේ සහ අක්මාවේ පිළිකා ඇති වීම වළකාලයි. එමෙන්ම උදරය පුරවා දැමීම වළකාලයි.

ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය නිපදවී මෙහිලා උළුහාල්වල වැදගත්කම නූතන පරීක්ෂණ වලින් සනාථ කර ඇති අතර, එමගින් ලිංගික බෙලහීනතාව මැඩලා වාජීකරණ ඔසුවක් ලෙස ක්‍රියාකිරීමේ අපූර්ව හැකියාවක්ද උළුහාල් සතුය.

තවද පිළිකා නැසීමටත් මුත්‍රාගල් සෑදීම වැළැක්වීමටත් අක්මා හා මොළයේ සෛල අනිසි ලෙස බිඳවැටීම පාලනයටත් උළුහාල් ඉතාම උපකාරී වන බව මේ වන විට සොයාගෙන තිබේ.

වාත සමන හා වාත අනුලෝමන ගුණ සහිත උළුහාල් දේහයේ ඇතිවන විවිධ වේදනාවන් සමනය කර දේ. ප්‍රධාන වශ​ෙයන් කාන්තාවන්ගේ මාස් ශුද්ධියේදී ඇතිවන වේදනාව මදක් තුනී කර ගැනීම සඳහා උළුහාල් තැම්බූ වතුර භාවිතයෙන් සහනය ලැබේ.  

ස්වභාවයෙන්ම තීක්ෂණ, උෂ්ණ හා ලඝු ගුණ අන්තර්ගත වෙන උළුහාල් සිරුරේ සියලු අවරෝධ වූ නාළ හා මාර්ග (ස්‍රෝතස්) පිරිසිදු කිරීමට උපකාරී වේ.   

වමනය, හිස කැසිල්ල, සෙම්ප්‍රතිශ්‍යාව, ආහාර අරුචිය වැනි ආහාර නිසා ඇතිවන ආසාත්මිකතා වළකාලීමට උළුහාල් උපකාරී වේ.

originally posted in deshaya.lk

Monday, July 13, 2020

කන්න හොදම හාල් වර්ගය



වැඩිම පෝෂණයක් සහ උපරිම සෞඛ්‍යාරක්ෂිත බවක් සපයන හොදම සහල් වර්ගය වන්නේ තම්බපු රතු සහල් නැතිනම් රතු නාඩු සහල්ය. මෙවැනි තැම්බූ සහල් වර්ග , කැකුළු සහල් වලට වඩා ගුණයෙන් අනුන වෙනවා.

ඕනෑම සහලක අඩංගු පෝෂණ ගුණ සම්භාරය පිහිටන්නේ සහලේ ඇති ‘කුරුට්ට’ (Bran) හෙවත් නිවුඩ්ඩේ ය.  නිවුඩු සහල් යයි කියන්නේ දහයියා පොත්ත පමණක් ඉවත් කළ සහල්වලට ය. රතු සහල් නිවුඩ්ඩේ ඇති ගුණ සම්භාරය ඉතා ඉහළ ය. සහල් පමණට වඩා පාහින (පොලිෂ් කරන) විට, එහි කුරුට්ට හෙවත් නිවුඞ්ඩ ඉවත්ව යයි. ඉන් පසුව ඉතිරි වන්නේ ‘කාබෝහයිඩ්‍රේට්’ හෙවත් පිෂ්ඨධාතු බහුලව ඇති, අනෙකුත් පෝෂණීය සංඝටකවලින් හීන,  සහල් ඇටයක් පමණි.

තවද තැම්බූ සහල් සකස් කිරීමේදී සිදු කරන පෙඟවීමේ සහ තැම්බිමේ ක්‍රියාවලි වලදී කෘමිනාශක ඇතුළු කෘෂි රසායනික ශේෂයන් ඉතා හොදින් ඉවත් වී යනවා. මේ නිසා වෙලදපොලේ ඇති අනෙකුත් සහල් වර්ග වලට වඩා තැම්බූ සහල් සෞඛ්‍යආරක්ෂිත බවින්ද වැඩියි.

ඔබ රතු නාඩු සහල් ආහාරයට ගැනීමට එතරම්ම ප්‍රියතාවයක් නොදක්වන කෙනෙකු නම් අඩුම වශයෙන් සුදු නාඩු සහල්වත් ආහාරයට ගැනීමට හුරුවන්න. අද බොහෝ නිවෙස් වල ප්‍රධාන ආහාර ලෙස භාවිතා කරන්නේ විදුරු සේ විනිවිද පෙනෙන ආකාරයට අධිකව පැහු කීරි සම්බා ඇතුළු සම්බා සහල් වර්ගයි. මෙවැනි සහල් වර්ග වල කිසිදු රළු ගතියක් නෑ. රසින්ද වැඩියි. පිසූ විට බත් ඇට ඉතා කුඩා නිසා වැඩියෙන් හපන්නට අවශ්‍ය වන්නේද නෑ.

මේ නිසා සිදු වන්නේ කෙටි කාලයක් තුල විශාල බත් ප්‍රමාණයක් අනුභව කර කුස පුරවා ගැනීමයි. තවද මෙවැනි සම්බා සහල් වර්ග වල තන්තු අඩංගු නොවන නිසාත් ඇටය ඉතා කුඩා නිසාත් ඉක්මනින් ජීර්ණය වීම සිදු වෙනවා. එවිට සිදු වන්නේ දිනකට වේල් 4ක් හෝ 5ක් බත් අනුභවයට පෙළඹීමයි. මෙහි අවසාන ප්‍රතිපලය ලෙස අධික තරබාරු බව හා දියවැඩියාව වැනි ලෙඩ රෝග වැළදීම සිදු වෙනවා.

සාමාන්‍යයෙන් සහල් ඇටයක වැඩිපුර ම, එනම් සියයට 70-76ක් පමණ ඇත්තේ ‘කාබෝහයිඩ්‍රේට්’ හෙවත් ‘පිෂ්ඨධාතු’ ය. තවත් සියයට 6-9ක පමණ ප‍්‍රමාණයක් ප්‍රෝටීන් ය. ‘කාබෝහයිඩ්‍රේට්’ පිහිටා තිබෙන්නේ සහල් ඇටයේ ‘කුරුට්ට සහිත ස්ථරයෙන්’ ඇතුළත ය. එහෙත් සහල් ඇටයක ප්‍රෝටීන, යකඩ, සින්ක්, තන්තු, මේදය සහ ඇමයිලෝස් ආදී පෝෂණීය සහ ඖෂධීය සංඝටක සියල්ල පිහිටන්නේ සහල් ‘කුරුට්ටේ’ ය. ‘නිවුඞ්ඬේ’ ය. සහල් ‘හොඳ සුදට පොලිෂ් කිරීමේ දී’ ඒ සියල්ල ඉවතට යයි.

වෛද්‍යවරුන් නිතර ම කියන්නේ, දියවැඩියා රෝගීන් හැමවිට ම පාහේ ‘රතු බත්’ ආහාරයට ගත යුතුයි, යනුවෙනි.  එහි අරුත වන්නේ රතු සහල් හෙවත් ‘රතු’ හෝ ‘දුඹුරු පැහැති’ කුරුට්ට සහිත සහලින් පිසූ බත, රුධිරයේ සීනි මට්ටම (ග්ලූකෝස්) ඉහළ නැගීම පාලනය කරන බව ය. එයින් ද වඩා සුදුසු තැම්බූ රතු සහල් ය. තැම්බූ සහල් කොයි කාහටත් බොහොම ගුණදායක ය.

මහජනයාගේ සහල් භාවිතාව මහ පුදුමාකාර එකකි. කොතෙක් ගුණදායකයි කීව ද, ඔවුන් අතර වැඩියෙන් ම ජනප‍්‍රිය සුදු පැහැති සම්බා සහල් වර්ග ය.

මෑතක පටන් ‘කීරි සම්බා’ නමින් සහල් වර්ගයක් ප‍්‍රචලිත වෙමින් තිබේ. එය ‘බී. ජී. -360’ නම් දෙමුහුන් වියෙන් උපදින සහලයි. එහි සහල් ඇටය සිහින් ය. දිගටි ය. කීරි සම්බා  මිලෙන් ද අධික ය. එහි ඇති මෙලෝ ගුණයක් නැත. එහෙත් එහි බත වැළඳීම ‘විලාසිතාවක්’ බඳු ය.

වඩා බරපතල කාරණය වන්නේ සම්බා වර්ග සියල්ලම පාහේ කාබෝහයිඩ්‍රේට් (පිෂ්ඨධාතු) රජවරුන් වීම ය. කීරි සම්බා ද එසේ ය. රතු සහල්වලට සාපේක්ෂව, ඒවායෙහි තන්තු, යකඩ, සින්ක්, ප්‍රෝටීන සහ  ‘ප‍්‍රති ඔක්සිකාරක ගුණ’ ආදිය හීන ය. සම්බා වර්ගවල සහල් ඇට කුඩා ය. එබැවින් කන්නට සිදුවන බත් ප‍්‍රමාණය ද වැඩි ය. කුස ඉක්මණින් පිරෙයි. එහෙත් ඉක්මණින් ම යළි කුසගිනි දැනෙයි. සමාජය ඉහළින් ම පිළිගන්නා සම්බා බතෙහි අනුසස් එබඳු ය. බහුතරයක් මිනිස්සු  ‘රතු බත්’ අත්හැර දමා, මෙලෝ ගුණයක් නැති සම්බා සහ පොලිෂ් කළ සහලේ බතට ඇබ්බැහි වෙමින් ලෙඩ දුක් වැළඳ ගැනීම මහත්  ඛේදවාචකයකි!

Sources
2018/08/05 දින සැබෑ පුවත්පතේ පළවූවකි

Friday, July 10, 2020

ආටා පිටි සහ පාන් පිටි

මුලින්ම බලමු ආටා පිටි කියන්නේ මෙනාවාද කියලා. ආටා පිටි කියන්නෙත් තිරිගු පිටිමයි. නමුත් මේවා නිවුඩු ඇර පිරිසිදු කල ඒවා නොවෙයි. මේ නිසා නිවුඩු හාල් වල ගුණය වැඩියි වගේම මේවාගේ ගුණය පාන් පිටි කියන පිරිපහදු කල තිරිගු පිටි වලට වඩා වැඩියි. නිවුඩ්ඩ තියෙන නිසා ෆයිබරි ප්‍රමාණයත් වැඩියි. ඒ වගේම පාන් පිටි වලට වඩා විටමින් මිනරල් ප්‍රමාණයත් වැඩයි. මේ හේතු නිසා පාන් පිටි වලට වඩා ආටා පිටි ගුණදායක බව පිලිගත යුතුය.

ගුණදායකත්වය කෙසේ වුවත් අදාල පිටි වර්ග දෙකේම ඇති ග්ලූටන් ප්‍රිතිශතය නම් සමානය. නිවුඩ්ඩ නිසා ග්ලූටන් 1% පමණ ප්‍රතිශතයක් ආටා පිටි වල සාපේක්ෂව අඩුය. ග්ලූටන් යනු අපව ලෙඩකරවන ප්‍රධානම රෝග කාරකයක් බව මම මීට පෙර ලිපි වලින් කිය සිටියා. මේ නිසා මා ඒගැන මෙහි සඳහන් කරන්නේ නැහැ. අදාල ලිපියේ සේලියැක් ඩිසීස් ගැනද සඳහන් කර තිබුනා මට මතක හැටියට. මෙම රෝගයට හේතුව තමයි ග්ලූටන් කියන්නේ. නැතිව ග්ලූටන් සහිත ආහාර මෙම රෝගය ඇති අයට කන්නට හොඳ නැහැ කියන එක නෙවෙයි. මෙය දෙකක් බව වටහා ගන්න.

ග්ලූටන් කියන්නේ ප්‍රෝටීන් එකක්. මේ ප්‍රෝටීන් එක අපගේ ආමාශයේ ඇති ආම්ලික තාවයයෙන් බිඳ දමන්නට බැහැ. ඉතින් ඒ ප්‍රෝටීන ඇමයිනෝ අම්ල ලෙසට නොව විශාල දාමක් ලෙසට කුඩා බඩවැල් වලට ඇතුල් වෙනවා. ග්ලූ කියන්නේ ගම්. ඒ වගේමයි මේ ග්ලූටන්. ග්ලූටන් නැති පිටි වර්ගයකින් පාප්ප හදන්න පරාටා වගේ ඇදෙන සුළු ආහාර වර්ග හදන්න බැහැ. පාන් පිටි වලින් 14% ක් ම තියෙන්නේ ග්ලූටන්. ඔබ පාන් පිටි ග්‍රෑම් 100 ක් ගෙන රොටී හදන්න ගන්න ඩෝ එකක් වගේ අනලා පැත්තකින් තියලා පැයකින් විතර වතුර පයිප්පයට අල්ලලා බෝල් එකක දාලා හෝදන්න. අවසානයේ පිටි ටික සේදිලා පොඩි ගුලියක් ඉතිරි වෙනවා. මේක තමයි ග්ලූටන් . මේවා වතුරෙන් දියකරන්නට බැහැ. වෙනකක් තියා ඉතාමත් සාන්ද්‍ර මාද්‍යයක් වන ආමාශයික යුෂයේද මේවා දියකරන්නට බැහැ. ඒ වගේම මෙම ග්ලූටන් ගෑවෙන ගෑවෙන තැන ඇලෙනවා. ආමාශයෙන් පහලට යන ග්ලූටන් වලට කුඩාන්ත්‍රයට ඇතුලු වන විට හමුවන්නේ අංගුලිකා. අංගුලිකා වලින් තමයි අපි ගන්නා ආහාර ජීරණයෙන් පසු අවශෝෂනය වන්නේ. ඉතිං අංගුලිකා මේ ජීරණය නොවූ ප්‍රෝටීනයද අවශෝෂණය කරන්නට වෙර දරනවා. මේ නිසාම මේ ඇලෙන සුලු ග්ලූටන් අර අංගුලිකා වල ඇලනෙවා. එසේ ඇලිලා කැඩියා යනවා. මෙසේ කැඩිලා ගිය තැන් වල අංගුලිකා අඩුයි. මෙය කැමරාවක් යොදාගෙන බැලුවොත් අංගුලිකා නැති ස්ථාන කුඩා බඩවැල තුල දැකිය හැකියි. මෙය රෝගයක් ලෙස සලකනවා. එම රෝගයට තමයි සේලියැක් කියලා කියන්නේ. මේසේ ඇති අයට ග්ලූටන් සහිත ආහාර වලින් මිදෙන ලෙසට උපදෙස් ලැබනෙවා.

දැන් ඔබගේ ණුවනින් විමසා බලන්න අපි අස්වයා ගියාට පස්සේ ඉස්තාලය වහන්න ඕනිද නැතිනම් අශ්වයා ඉන්න වෙලාවෙම ඉස්තාලය වහලා දානවාද කියලා.

ආටා පිටි වලත් 13%ක් විතර ග්ලූටන් තියෙනවා. ඉතිං ආටා පිටි කෑවා කියලා වෙනසක් නැහැ. නමුත් ආටා පිටි වල ග්ලියිසිමික් ඉන්ඩෙක්ස් එක නම් පාන් පිටි වලට වඩා අඩුයි. ඉතිං මේ නිසා පාන් පිටි නොකා ආටාපිටි කනවා. දියවැඩියාව පාලනය කරගන්නට හොඳ ක්‍රමයක් වගේ පෙනුනට වෙනත් ලෙඩ ගොඩක ආරම්භයක්. දියවැඩියාවට හේතුව කතා කලාම මේ ගැන සිතා ගන්නට හැකියි. ඒ ගැනත් මම කතා කලා මට මතක හැටියට. පොඩ්ඩක් බලන්න. ක්රෝමියම්, වැනේඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නිසීයම්. සින්ක් වැන් මිනරල් කිහිපයක් අඩු වීම තමයි දෙවැනි වර්ගයේ දියවැඩියාව ඇතිවීමට හේතුව. ඉතිං ග්ලූටන් වලින් කරන්නේ පෝෂණය අවශෝෂණය කරගන්නට තියෙන අංගුලිකා විනාශ කරලා දානවා නම් අර කියපු පෝෂණ කොටස් අවශෝෂනය කරන්නට තියෙන දොරවල් නේද වහලා දාන්නේ. මේ කියපු පෝෂ්‍ය කොටස් දෛනිකව ලබා දුන්නා නම් දෙවැනි වර්ගයේ දියවැඩියාව සුව වන බව මා අත්දැක තිබෙනවා. කරන්නට ඇත්තේ ආහාර ටික හදාගන්න එක විතරයි. නමුත් දැන් කියන්නේ කන්න එපා කියන එක විතරයි. කන්න අවශ්‍ය ටික කියන්නේ නැහැ. මේ නිසාම මෙම රෝගය සුව කරන්නට නොහැකි සාදාකාලික රෝගයක්. නැවත නැවත සිතන්න. යමක් වැටහේවි.

දැන් බලමු කුරක්කන් ගැන. කුරක් කන් වල ග්ලයිසිමික් ඉන්ඩෙක්ස් එක ආටා පිටි වලට වඩා වැඩියි කියන එක තමයි අදාල ලිපියේ තිබුනේ. මට වැරදිලා නම් නිවැරදි කරනු ඇතැයි සිතනවා.

ග්ලයිසිමික් ඉනිඩෙක්ස් ( GLYCEMIC INDEX – GI ) එක කියන්නේ අපි ගන්නා කාබෝ හයිඩ්රේට් ප්‍රමාණය ග්ලූකෝස් වලට කඩා රුධිරයට එක්වන්නට ගත වන කාලය හා සම්බන්ධ මිණුම් දණ්ඩක්. ඇත්තටම කුරක්කන් වල GI එක ආටා පිටි වලට වඩා වැඩියි. මෙම සාදකය පදනම් කරගෙනම තමයි දියවැඩියාව තියෙන අයට කුරක්කන් අගුණ බව අදාල ලිපියේ දක්වා තිබුනේ. නමුත් GLYCEMIC INDEX එකට අමතරව GLYCEMIC LOAD (GL) කියලා එකකුත් තියෙනවා. GLYCEMIC LOAD කියලා කියන්නේ අදාල ආහාරයේ ඇති කාබෝහයිඩ්රේට් ප්‍රමාණයයි. මේ අගය මෙම ආහාර දෙකේ විශාල වෙනසක් තියෙනවා. ආටා පිටි වල 70% ක්ද කුරක්කන් වල 30% ක් විතරද වෙනවා. මේ දෙක ගැන ඔබගේ අවධානය යොමු කර බලන්න.

දැන් බලන්න අපිට ආටා පිටි වලින් හදන ආහාරයක් කොපමණ ප්‍රමාණයක් අනුභව කරන්නට හැකිද කියන එක. සහ කුරක්කන් පිටි වලින් සදන ආහාරයක් අනුභව කරන්නට හැකිද යන එක. කුරක්කන් පිටි වලින් හදන ආහාර වැඩිය කන්න බැහැ නේද? මම හිතන්නේ ඔබට මේ අත්දැකීම ඇති. මේකට හේතුව තමයි අපගේ මොළය විසින් ඉල්ලන පෝෂණය ඉතාමත් අඩු ආහාර ප්‍රමාණයකින් සපුරා ලන්නට කුරක්කන් වලට හැකි වීම. අදාල අපේක්ෂිත පෝෂණය ලැබුනාම බඩගින්න කියන සංඥාව නවතිනවා. ඉතිං බඩ පිරිලා වගේ දැනෙනවා. මේ නිසා අපි ආහාරයට ගන්නා කැලරි ගාන අඩු වෙනවා. අඩු කැලරි ගණනකින් දවසකට අවශ්‍ය පෝෂණය ලබාගත හැකි හොදම ක්‍රමයක් තමයි කුරක්කන්.
මේ සියළුම කාරණා වලින් දැක්වෙන්නේ ආටා පිටි වලට වඩා කුරක්කන් වලින් සදන ආහාර දියවැඩියා රෝගීන්ට ගුණදායක බවයි.

ආටා පිටි ඉන්දියාවේ වැඩි වශයෙන් පරිභෝජනය කළත් ශ්‍රී ලංකාවේ එතරම් පරිභෝජනය කෙරෙන්නේ නැත. රුලං යනුවෙන් හැඳින්වෙන්නේ ද තිරිඟුවලින් වෙන් කර ගන්නා කොටසකි.

පාන්වල අඩංගු ග්ලූටන් නිසා ඇලෙන සුලු බවක් ඇති වේ. ආහාරවල ස්පොන්ජ් ගතිය ඇති කරනු ලබන්නේ ග්ලූටන් වලිනි. ග්ලූටන් ධාන්‍ය කුලයේ අනෙකුත් ප්‍රෝටීනවලට සාපේක්ෂව දිරවීමට අපහසු ප්‍රෝටිනයකි. ග්ලූටන් ආහාර මාර්ගයේ ශ්ලේෂ්මල පටලවල ඇලීම නිසා ශ්ලේෂ්මල ස්‍රාවය වැඩිවේ.

මේ නිසා ආහාර මාර්ගයේ අවහිරතා ඇති වේ. මෙය සාමාන්‍යයෙන් ආහාර මාර්ගයේ මැද කොටස තුළ බහුලය.

මේ නිසා පෝෂණ සංඝටක අවශෝෂණය දුර්වල වේ. පෝෂණ ඌනතා ඇති වේ. ග්ලූටන් නිසා ශරීරයට හිතකර ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය වෙනස් වේ.

එනම් ශරීරයට හිතකර ක්ෂුද්‍රජීවීන් ආහාර මාර්ගයේ සිටීමෙන් ආහාර මාර්ගයේ ආහාර ජීර්ණය හොඳින් සිදු වී ශක්තිජනක කොටස් තැන්පත් කිරීම, පරිවහනය කිරීම, ප්‍රතිදේහ සහ ප්‍රතිදේහ පටක ක්‍රියාකාරිත්වය වැඩි කිරීම වැනි කාර්යයන් රැසක් සිදු වේ.

එහෙත් හිතකර ක්ෂුද්‍රජීවීන් ආහාර මාර්ගයේ අසමතුලිත වීමෙන් පෝෂණ ඌනතා මෙන්ම රෝගී තත්ත්වයන් ඇති වේ. පාන්වල ඇති ග්ලූටන් ආහාර මාර්ගයේ පී.එච්. අගය අඩු කර ආම්ලිකතාව වැඩි කිරීම නිසා ගැස්ට්‍රයිටිස් ඇතිවේ.

පාන්වල ඇති කාබෝහයිඩ්‍රේට් ඉතා ඉක්මනින් ආහාර මාර්ගය තුළ අවශෝෂණය කිරීම නිසා රුධිරයේ සීනි මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යයි. මේ නිසා ඉන්සියුලින් ස්‍රාවය වීම වේගවත් වේ. මෙය කාල‍යක් මුළුල්ලේ සිදු වන විට අග්න්‍යාශයේ ඉන්සියුලින් ස්‍රාවය දුර්වල වී දියවැඩියාව ඇති‍ වේ.

අද බොහෝ දෙනකු පාන් නිෂ්පාදනයේදී සීනි එකතු කරයි. එය දියවැඩියාව හටගැනීමට හේතු වේ. එහෙත් අනෙකුත් ධාන්‍ය ආහාරයට ගන්නා අයගේ ක‍ාබෝහයිඩ්‍රේට්, ආහාර මාර්ගය තුළ සෙමෙන් සෙමෙන් අවශෝෂණය වීම නිසා රුධිරයේ සීනි මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යන්නේ නැත.

පාන් පිටි ආහාරයට ගැනීමෙන් ශරීරයේ අහිතර කොලෙස්ටරෝල් මට්ටම වැඩිවේ. එම නිසා හෘදයාබාධ, අධි රුධිර පීඩනය ඇති වීමේ අවදානම වැඩි වේ. ස්ථුලතාව ඇති වේ.

තිරිඟු පිටිවල ඇති ෆයිටික් අම්ලය නිසා ආහාර මාර්ගය තුළ යකඩ, මැග්නීසියම්, මැංගනීස්, පොටෑසියම් අවශෝෂණය දුර්වල වේ. ෆයිටික් අම්ල සැම විටම පෝෂණ සංඝටක අවශෝෂණයට බාධා ඇති කරයි. වැඩිපුර පාන් ආහාරයට ගන්නා අයට ලේ හිඟවීම ඇති වන්නේ එබැවිනි.

නිතරම පාන් ආහාරයට ගන්නා අයට බඩේ පිපුම හා බඩ දැවිල්ල ඇති වේ. ඒ පාන්වල ඇති ග්ලුටන් නිසාය. ග්ලුටන් ආහාර මාර්ගයට හානි කිරීමට අමතරව ස්නායු පද්ධතියට ද හානිදායකය. දිගු කාලයක් මුළුල්ලේ පාන් ආහාරයට ගන්නා අයගේ මතක ශක්තිය අඩු වීම, මොළයේ ක්‍රියාකාරිත්වය දුර්වල වීම ඇති වන්නේ එබැවිනි.

පාන් පිටිවල සුදුපාට වැඩි කිරීම සඳහා යොදා ගන්නා ක්ලෝරීන් ඔක්සයිඩ ශරීරයට කිසි සේත් හිතකර නැත.

සමේ තුවාල ඇති කිරීම, ශ්වසන ආබාධ, තයිරොයිඩ් ක්‍රියාකාරිත්වයට බාධා ඇති වීම ක්ලෝරීන් නිසා අත් වන අහිතකර ප්‍රතිඵල කීපයකි. ක්ලෝරින් සහ අයඩින් එකම කාණ්ඩයට අයත් වීම නිසා අයන විස්ථාපනය වීමෙන් තයිරොයිඩ් ක්‍රියාකාරිත්වය අඩු වීමට හෝ වැඩි වීමට බලපායි.

ඊට අමතරව පාන්වලට එකතු කරන මාගරින් නිසා අසංතෘප්ත මේදය නිපදවීමෙන් විවිධ සංකූලතා හට ගත හැකිය. තිරිඟු පිටිවල ගැටලු ඇති කරන තවත් ප්‍රෝටීන 2ක් මෑතකදී සොයා ගෙන තිබේ. ඒ wheat Germ Agglutinin සහ Tripsin Inhibitor යනුවෙනි.

මේවා ද ඉහත දැක්වූ පරිදි ආහාර මාර්ගයේ සංකූලතා ඇති කරන බව සොයා ගෙන ඇත. පාන් ශරීර සෞඛ්‍යයට අහිතකර ආහාරයක් බව මේ අනුව පැහැදිලි වේ.

https://helarishi.com/?p=687

http://www.silumina.lk/2019/01/26/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%9A%E0%B7%91%E0%B6%AF%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B6%A7-%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99-%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%9A%E0%B7%91%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%BB-%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1


Tuesday, July 7, 2020

දැනගෙන භාවිත කලයුතු තෙල්



ගැඹුරු තෙලේ බදිනවානම් වඩා සුදුසු වන්නේ පොල්තෙල්ය. ඒත් එක වරක් පමණි. නැවත භාවිතය නුසුදුසුය. තෙම්පරාදුවක් කරනවානම් තෙල් භාවිතා වන්නේ එක වරක් පමණක් නිසාත්, දිගු වෙලාවක් තෙල් සමග සෙල්ලම් නොකරන නිසාත්, අසන්තෘප්ත මේද අම්ල සහිත එළවලු තෙලක් භාවිතා කිරීමේ වරදක්ද නැත. හදගැස්මට ගැටළුවක් ඇති නොවන පරිද්දෙන් කටගැස්මට සුදුසු තෙල තෝරාගත යුතුයයි අප පවසන්නේ වෙළඳපොලේ ඇති තෙල් වර්ග පෙන්වන මේ පරස්පර හැසිරීම නිසාය.



sources