Friday, September 13, 2019

සිරුරට නැතුවම බැරි 'කැලරි'


කැලරි පුද්ගලයාට ශක්තිය සපයයි. කැලරි 1 ක් කියන්නෙ.. සාමාන්‍ය පරිසරේදි වතුර ග්රෑම් 1 ක් සෙන්ට්ග්‍රෙඩ් 1 කින් උෂ්ණත්වය වැඩිකරන්න.. ඕ⁣න කරන ශක්ති ප්‍රමාණයට. ඒ අනුව සාමාන්‍යයෙන් කාන්තාවකට දිනකට කිලෝ කැලරි 2,000 ක් පමණ අවශ්‍යවන අතර පිරිමියෙක්ට කිලෝ කැලරි 2,500 ක් පමණ අවශ්‍යවේ.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය විශේෂඥයෝ නිර්දේශ කරන්නේ (කිලෝ කැලරි);

  • 400 ක් උදැසන ආහාරයෙන් ද 
  • 600 ක් දිවා ආහාරයෙන් ද 
  • 600 ක් රාත්‍රී ආහාරයෙන් ද
  • 400 - 900 ත් අතර ප්‍රමාණයක් දිනය පුරා විටින් විට ලබා ගන්නා කෙටි ආහාර සහ පාන මගින් ලබා ගන්නා ලෙසත් ය.
හෘද රෝග වලට.. ප්‍රධානම හේතුව අතිරික්ත කැලරි භාවිතයයි. ආයුර්වේද මූලධර්මවල දක්වනවා සියලු රෝගයන්ට හේතුව "ආමය" යයි කියලා.. ආමයේදී ප්‍රධාන වශයෙන්ම සිදුවන්නනේ අතිරික්ත කැලරි පරිභෝජනයයි.. එනම් දිනකට ශක්තිය අවශ්‍යතාව සඳහා උරා ගත යුතු කාබන් ප්‍රමාණය ඉක්මවා යාමයි.

එනම් කාබෝහයිඩ්‍රේට් හා සංතෘප්ත මේදය යන දෙවර්ගය වැඩිපුර ගැනීමයි.. අතිරික්තව ගන්නා මේවා.. ට්‍රයිග්ලිසරයිඩ බවට හැරෙනවා.. ග්ලූකෝස් මට්ටමත් ඉහළ යනවා.. මේ කරුනු 2 මගින් රුධිරයේ ඝනත්වය ඉහළ දමනවා..

ලේ උකු වෙනවා වෙනවා.. හෘදය වස්තුවට පොම්ප කරන්න අමාරු වෙනවා.. පොඩි වැඩක් කලත් වැඩිපුර පොම්ප කරන්න වෙලා හති වැටෙනවා.. අඛණ්ඩවම වෙහෙසුනොත් නතර වෙනවා.. 

කැලරි බහුල ආහාරයක් අරගෙන පැයක් පමණ කාලයක් ඇතුළතදීත්.. එකවර ලේ උකුවෙලා.. හෘදයට වැඩි බලයක් යොදන්න වෙනවා.

මේකයි කොස් දෙල් මුං ඇට අල කිරිබත් වගේ කැලරි බහුල ආහාරයක් ගත්තාම.. අපේ අම්මලා කියනවා පපුවට හරි බරක් දැනෙනවා.. හතියක්.. නිදිමතක්.. දැනෙනවා කියල.

බිස්කට් වැනි දෙයක් වෙනුවට ඇට වර්ග ආහාරයට ගැනීම මගින් ගුණාත්මක කැලරි ප්‍රමාණයක් ලැබීය හැකි


References:


No comments:

Post a Comment