කොලෙස්ටරෝල් යනු සැම දේහ සෛලයක් තුලම දක්නට ලැබෙන වැදගත් ලිපිඩ ස්වරෑපයකි.
- හොර්මෝන නිපදවිම සදහා - ලිංග හොර්මෝන,ඇල්ඩෙස්ටරෝන්, කොර්ටිසෝන්
- විටමින් D නිපදවිම
- පිත (Bile) නිපදවිම -අක්මාව මඟින් කොලෙස්ටරෝල් භාවිත කරමින් මේද ජීර්ණය සහ විටමින් අවශෝෂණය සදහා වැදගත්වන පිත නිපදවනු ලබයි.
- සෛලවල ප්ලාස්ම පටලයේ සංඝඨකයක් ලෙස වැදගත් වේ.
දේහය තුල සිදුවන බොහොමයක් කෘත්‍යයන් සදහා අවශ්‍යය කොලෙස්ටරෝල් මිනිස් අක්මාව මඟින් නිපදවනු ලබනවා.එමෙන්ම සමහර ආහාර ඔස්සේද දේහයට කොලෙස්ටරෝල් එකතු විම සිදු වෙනවා.
cholesterol production is so important that your liver and intestines make about 80% of the cholesterol you need to stay healthy. Only about 20% comes from the foods you eat.
cholesterol production is so important that your liver and intestines make about 80% of the cholesterol you need to stay healthy. Only about 20% comes from the foods you eat.
රැධිරය ඔස්සේ කොලෙස්ටරෝල් පරිවහනය වනුයේ ප්‍රෝටීන සමග එක්විමෙන් සැදුන ලිපෝප්‍රෝටීන අණු වශයෙනි.ලිපෝ-ප්‍රෝටීන වල අභ්‍යයන්තරයේ කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ ලෙස හදුන්වන ලිපිඩ කාන්ඩයන් අන්තර්ගත වේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDfDO4AYEPjweBHmACdw0Yciprfr20taCly4hukjtVNpcvEpsBwuhYxD2LbxGmD_C-uDh5xhxyMq9QB82BtR8pkRsefMj_Xm30Und2UUsKo3YOWhyxjI1qjnj2Xz8LmJPUxlUymxLYwHE/s1600/BadGood-Cholesterol.jpg)
LDL සහ HDL වශයෙන් කොලෙස්ටරෝල් අන්තර්ගත ප්‍රධාන ලිපෝප්‍රෝටීන ආකාර දෙකකි
LDL යනු රැධීරයේ පවතින අහිතකර කොලෙස්ටරෝල් ස්වරැපයයි. එමඟින් අක්මාවේ සිට කොල්සටරෝල් අවශ්‍යය වන දේහ සෛලයන් වෙත පරිවහනය කරනු ලබයි.අධීක LDL මට්ටමක් පැවතිම මඟින් රැධිරවාහිනි තුල මේවා තැම්පත්විමක් දැකිය හැකිය.මෙම ක්‍රියාවලිය මේද තැම්පත්විම හෙවත් Atherogenesis ලෙස හදුන්වනු ලබන අතර එවා වර්ධනය විම මඟින් රැධීර වාහිනි අවහිර වි අවයව/පටක වලට පවතින ඔක්සිජන් සැපයුම අඩාළ වි අවයව අක්‍රීයවිම සිදු වේ.
HDL යනු දේහයේ පවතින හිතකර කොලෙස්ටරෝල් ස්වරෑපයයි. එමඟින් දේහයේ විවිධ කොටස්වල සිට අක්මාව වෙත කොලෙස්ටරෝල් නැවත පරිවහනය කිරිම මඟින් දේහයෙන් කොලෙස්ටරෝල් ඉවත්කිරිම සිදු කරනු ලබයි.
Since cholesterol is a fat, it can't travel alone in the bloodstream. It would end up as useless globs (imagine bacon fat floating in a pot of water). To get around this problem, the body packages cholesterol and other lipids into minuscule protein-covered particles that mix easily with blood. These tiny particles, called lipoproteins (lipid plus protein), move cholesterol and other fats throughout the body.
Since cholesterol is a fat, it can't travel alone in the bloodstream. It would end up as useless globs (imagine bacon fat floating in a pot of water). To get around this problem, the body packages cholesterol and other lipids into minuscule protein-covered particles that mix easily with blood. These tiny particles, called lipoproteins (lipid plus protein), move cholesterol and other fats throughout the body.
රැධීරය තුල කොලෙස්ටරෝල් මට්ටම අඩුකරගත යුත්තේ ඇයි?
කොලෙස්ටරෝල් මේ අයුරින් දේහ කාර්යයන් ගණනාවක් සදහා දායක වුවද රැධීරය තුල අධීක කොලෙස්ටරෝල් මට්ටමක් පැවතිම දේහයට අතිශයින් හානිකරය. මක්නිසාද යත් අධීක කොලෙස්ටරෝල් මට්ටමක් පැවතිම සෘජුවම රෝග ලක්ෂණයන් ඇති නොකළද බොහොමයක් රෝග තත්වයන් සදහා වන අවධානම සැලකිය යුතු මට්ටමකින් වැඩිකරනු ලබයි.
විශේෂයෙන්රැධීරනාල වල මේද තැම්පත්විමේ සිට, කිරිටක ධමනි අවහිරවිම් නිසා හටගන්නා හෘදයාබාධ තත්වයන්,මොළයේ රැධීර නාල අවහිරවිම් නිසා හටගන්නා ආඝාත තත්වයන් සදහා වන අවධානම වැඩිකරනු ලබයි.
LDL මට්ටම වැඩිවිමට සාපේක්ෂව හෘදයාබාධ සදහා වන අවදානම වැඩිවේ. HDL මට්ටම වැඩිවිමට සාපේක්ෂව හෘදයාබාධ සදහා වන අවධානම අඩු වේ. එම නිසා රැධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ප්‍රශස්ත මට්ටමකව පවත්වා ගැනිම වැදගත් වේ.
![attachment_47351627 (500Ã500)](https://images-platform.99static.com/qKneXHjazqf5lMOYj2EQMF-uyro=/500x500/top/smart/99designs-contests-attachments/47/47351/attachment_47351627)
දේහයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවිම සදහා හේතුවන තත්වයන් මොනවාද......
- කොලෙස්ටරෝල් සහිත සංතෘප්ත මේදය,ට්‍රාන්ස් මේදය අධීක ආහාර ලබාගැනිම (විශේෂයෙන්ම සත්තව ආහාර ඔස්සේ සංතෘපත් මේදය දේහයට එක් වේ.)
- අධීක තරබාරැභාවය:මේද තැම්පත්විම වැඩි වේ.
- කායික ක්‍රියාකාරිත්වය අඩුවිම:මේද තැම්පත්විම වැඩි වේ.
- වයස : වයස අවු 20 න් පමණ පසු දේහයේ කොලෙස්ටරෝල් මට්ටම ක්‍රමයෙන් වැඩිවිමට පටන්ගනි.
- ස්ත්‍රී-පුරැෂ භාවය :කාන්තාවන් තුල ආර්තවහරනයෙන් පසුව ක්‍රමයෙන් වැඩිවිම සිදු වේ.
- දුම්පානය කිරිම- HDL මට්ටම අඩුකරනු ලබයි.
- රෝග තත්වයන් : දියැඩියාව,තයිරෝයිඩ් හොර්මෝනය අඩුවිම,සහ වෘක්ක ,අක්මාව සම්බන්ධ රෝග තත්වයන් වලදි කොලෙස්ටරෝල් මට්ටම වැඩිවිම සිදු වේ.
- අධීක කොලෙස්ටරෝල් මට්ටමක් සහිත පවුල් ඉතිහාසයක් පැවතිම
- ඖෂධ වර්ගයන් : thiazide,diuretics,beta-blockers,estrogen, steroids
ට්‍රයිග්ලිසරයිඩ මට්ටම වැඩිවිමද හෘදයාබාධ සදහා වන අවධානම වැඩි කරනු ලබයි.
කොලෙස්ටරෝල් මට්ටම අඩුකරන ඖෂධයන් මොනවාද?
කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරිම සදහා භාවිත කරනු ලබන ප්‍රධාන ඖෂධ කාණ්ඩය වනුයේ ස්ටැටින් (Statins) Statin මඟින් අක්මාවෙන් කොලෙස්ටරෝල් නිපදවිම අවහිර කරනු ලබන අතර LDL,ට්‍රයිග්ලිසරයිඩ මට්ටම අඩුකරනු ලබයි. තවද සුළු වශයෙන් HDL මට්ටම වැඩිකිරිමද සිදු කරනු ලබයි.
අනෙක් ඖෂධ වර්ග වනුයේ:
Niacin(නිකොටිනික් අම්ලය) - විටමින් B කාණ්ඩයට අයත් වේ.ආහාර තුලද අන්තර්ගත වේ.එමඟින් LDL මට්ටම අඩුකරන අතර HDL මට්ටම වැඩිකරනු ලබයි.
Fibrates (ෆයිබ්‍රරේට්ස්): ට්‍රයිග්ලිසරයිඩ නිපදවිම අඩුකරන අතරම HDL මට්ටම වැඩිකිරිමට දායක වේ.උදා- Atromid,Tricor
පිත් අම්ල රෙසින(Bile Acid Resins) : ආහාර මාර්ගය තුල ක්‍රියාකරමින් පිත් අම්ල නැවතත් රැධීරයට අවශෝෂණය විම වළක්වමින් දේහයේ කොලෙස්ටරෝල් සදහා පවතින ප්‍රදාන සැපයුම් මාර්ගයක් අවහිර කරනු ලබයි.උදා - Colestid,Welchol
කන්න හොද මොනවද
මස් කිරි, බිත්තර යන සත්ත්ව ආහාර පරිභෝජනය අඩු කරන්නට ඔබ උත්සහ කළ යුතුමය. සත්ත්ව ආහාර සඳහා වඩාත් සුදුසු යැයි කිව හැක්කේ මාළු වර්ග පමණකි. නමුත් ඉස්සන් , දැල්ලන් , කකුළුවන් ආදී මසුන් ඒ සඳහා කෙසේවත් නොගැලපෙන බව මතක තබාගන්න.කුකුළු මසේ වැඩි පුරම තෙල් ඇත්තේ සම කොටසේය. එබැවින් පිසීමට පෙර සම ඉවත්කර ගැනීමට වග බලාගත යුතුය. හරක් මස් ඌරු මස් අනුභවයෙන් වැළකී සිටිය හැකි නම් එය වඩාත් සුදුසුය. යම් අයුරකින් ඒවා අනුභව කරන්නේ නම් තෙල් කොටස් ආහාරයට ගැනීමෙන් වැළකීම අත්‍යවශ්‍යය.
කිරි ආහාර සම්බන්ධයෙන් අවදානය දැක්වුවහොත් වඩාත් මේදය ඇත්තේ මීකිරෙහිය. එළකිරෙහි මේදය අඩු නමුත් මේදය රහිත එළකිරි වර්ග තෝරාගැනීම මැනවි. කිරිවලින් නිපදවනු ලබන මුදවාපු කිරි යෝගට්, කේජු, බටර් යනාදිය ද මේදය අතින් පොහොසත්ය. මේදය රහිත හෝ මේදය අඩු හෝ වර්ග වෙළඳ පොලේ ඇත්නම් ඒවා අනුභව කිරීමේ වරදක් නොවේ.
මුදවාපු කිරිවල වැඩිපුරම මේදය රැඳී ඇත්තේ එහි උඩ නැගෙනා තුනී පටලයේය. එය ඉවත්කොට ආහාරයට ගැනීම වරදක් නොවේ. බිත්තරවල මේදය අඩංගු වී තිබෙන්නේ කහමදයේයි. සුදු මදය බොහෝ විට මේදයෙන් තොර බැවින් ප්‍රෝටීන් බහුල ව ඇති බැවිනුත් ගුණදායකවේ.
කේජු බටර් යනු කොලෙස්ටරෝලයෙන් බේරෙන්නට අවශ්‍ය අයෙකු විසින් නවතා දැමිය යුතු ආහාර වෙයි. බහු අසංතෘප්ත මාගරින් වර්ග වෙළඳපොලේ ඇත. නමුත් ඒවා ගත යුත්තේ ද ඉතාම අඩුවෙනි. තෙල් වර්ග භාවිතය හැකිතාක් අඩු කළ යුතුය විශේෂයෙන් පොල් තෙල් ද පාම් තෙල් ද හැකි තාක් අඩුකළ යුතුය.
මේවා සංතෘප්ත තෙල් වන අතර සීතලේදී පහසුවෙන් මිදෙන ඒවායි. බහු අසංතෘප්ත මේද වර්ග එතරම් ගුණදායක නොවුණද දිනකට තේ හැඳි 1-2 වැනි ප්‍රමාණකට සීමා විය යුතුය. මේවා ශිත කල ද නොමිදී පවතී. බහු අසංතෘප්ත මේද වර්ග නම් බඩ ඉරිඟු තෙල සූරියකාන්ත තෙල, සෝයා තෙල යන මේවායි. ඒක අසංතෘප්ත යැයි කියනු ලබන තෙල් වර්ගයක්ද වෙයි. මේ තෙල් ඉතාම ගුණදායක යැයි ප්‍රභල මතයක් පවතී. ඔලිවු තෙල මේ ගණයට අයිතිය. අලි ගැට පේර වල ඇත්තේත් ඒක අසංතෘප්ත මේදය යැයි පවසමින් සමහරු කීවත් සතියකට එක් ගෙඩියකට දෙකකට වඩා අනුභවය නුසුදුසුය. බහු අසංතෟප්ත තෙල වුවත් වරක් භාවිත කළ පසු නැවත භාවිත නොකළ යුතුය. එළවළු තෙලෙහි කොලෙස්ටරෝලය අඩංගු නැත. යන්න සඳහන් වුවත් ඒ තෙල් වර්ග භාවිතය සුදුසුය යන්න එයින් අදහස් නොකෙරේ. කෙසේ නමුත් පොල් තෙල් පාම් තෙල් අනුභව කළ විට එයින් කොටසක් අක්මාවේදී කෙලෙස්ටරෝලය බවට පෙරලනුයේ යැයි මතක තබා ගන්න.
References:
No comments:
Post a Comment