Monday, March 9, 2020

උළු හාල්

උළුහාල් කියූ සැණින් අප මතකයට නැගෙන්නේ ව්‍යාංජනයක් රස ගැන්වීමට යොදා ගන්නා කුළු බඩුවක් ය. ඉඳහිට ඇතිවන වාත අමාරුවකදී උළු හාල් ඇට ටිකක් සුදු ලූනු ගෙඩි කිහිපයක් සමග තම්බා පානය කිරීමට ගැනීමට හුරු වී ඇති විනා උළුහාල් යනු ඖෂධීය ගුණයෙන් අනූන කුළු බඩුවක් ඖෂධීය අමුද්‍රව්‍යයක් බව ඇතැම් විට ඔබ නොදන්නවා විය හැක.   

අඩු මුදලක් දී මිලදී ගන්නා උළුහාල් මෙතරම් වටිනාකමකින්ද යුතුද? මේ ලිපිය කියවා බලන්න.   

ආයුර්වේදයට අනුව උළුහාල් තිත්ත හා කටුක රසයෙන් ද ලඝු (සැහැල්ලු) ගුණයෙන්ද යුකතය. උෂ්ණ වීර්යයෙන් ද යුතු උළු හාල් සෙම හා වාතය සමනය කිරීමේ හැකියාවකින් යුක්ත වේ.   

කුළු බඩුවක් ලෙස ආහාර රස ගැන්වීමට යොදා ගන්නා උළුහාල් වල ඖෂධීය ගුණය ගැන සලකා බැලීමේදී මෙය ප්‍රෝටීන, විටමින් බී හා සී, පොටෑසියම්, යකඩ වැනි අත්‍යවශ්‍යම ඛනිජ ලවන රාශියක් අඩංගු වටිනා ඔෟෂධයකි. ඉහළ ආහාරමය තන්තු සංයුතියකින්ද යුක්තය. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන්ද ඉහළය.   

ස්වභාවයෙන්ම ආහාර රස හා සුවඳ ගන්වන උළුහාල් අග්නි දීපනය හෙවත් බඩගින්න වඩවාලීමට උපකාරී වේ. අාහාර මාර්ගය ආශ්‍රිත සියළු ග්‍රන්ථීන් උත්තේජනය කර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීමටද උපකාරී වේ. අජීරණ තත්ත්ව, පණු රෝග, බඩ පිපුම, ආහාර අරුචිය ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත ආසාදන හා තුවාල වැනි රෝග තත්ත්ව රාශියක් සුවකිරීමට ද උළුහාල් උපකාරී වේ. ඉහළ ආහාරමය තන්තු ප්‍රමාණයක් ඇති හෙයින් මල බද්ධය බඩ පිපුම වැනි රෝග සුව කිරීමටද උළුහාල් වලින් සුවිශේෂි හැකියාවක් ලැබේ.   

නූතන පර්​ෙ‌ය්ෂණයන්ට අනුව ආහාරයේ ඇති ග්ලූකෝස් රුධිරයට අවශෝෂණය මදක් ප්‍රමාද කරවන උළුහාල් ඉන්සියුලින් හෝ​මෝනය නිපදවීම ක්‍රමවත් කරනා බවද සොයගෙන ඇත.   

එහෙයින් දියවැඩියා රෝගීන්ටද උළුහාල් හොඳම ඔසුවකි.   

මුඛයේ තුවාල ඇති විට උළුහාල් තැම්බූ වතුරින් කට සෝදා දැමීම හෝ මී පැණි සමග අඹරාගත් උළුහාල් ආලේප කිරීමෙන් තුවාල සුවවේ. තවද බඩ පිපුමට හා අමිල පිත්ත රෝගයට උළුහාල් තැම්බූ වතුර පානයෙන් යම් සහනයක් ලැබෙන බවද ආයුර්වේදයේදී පෙන්වා දේ.   

තවද උළුහාල් ස්වභාවයෙන්ම රක්ත ශෝධන ගුණයකින් වීමද විශේෂත්වයකි. එහෙයින් සම ආශ්‍රිතව ඇතිවන ආසාත්මිකතා, කැසීම්, රතුවීම, පළු දැමීම, උෂ්ණ බිබිළි, දද හා විවිධ කුෂ්ට ඇති වීම පාලනයට ගුණදායක අතර උණ පාලනය කිරීමටද උළුහාල් උපකාරී වේ.   

තවද සමේ ඇතිවන සම ආශ්‍රිතව ඇති වන කළු ලප, අවපැහැගැන්වීම, සම රැළි වැටීම වැළැක්වීමට මෙන්ම සමෙහි රූපලාවණ්‍ය හා ඇතිවන ගැටලු රාශියකට උළුහාල් හොඳ විසඳුමකි. ඒ සඳහා ස්ක්‍රබ් හා ​ෆේස් පැක් සඳහා සිහින්ව කුඩුකරගත් උළුහාල් පිටි භාවිතයෙන් ලැබෙන ප්‍රතිඵල ගැන ඔබටත් අත්විඳිය හැක.   

හිසකෙස් අකලට වැටීම හිස කෙස්වල ඇති තුනී බව නැති කිරීමටත් හිස් හොරි රෝග පාලනයටද උළුහාල් හොඳම විසඳුමක් වේ. හිස්හොරි රෝගය ඇති විට දෙහි ගැට හා උළුහාල් තම්බා හොඳින් අඹරා ගත් තලපය හිස් කබලේ ආලේප කර සම්බාහනයෙන් හිස්හොරි සුවපත් වේ.   
හොඳින් අඹරාගත් උළුහාල් තලපය පිරිසිදු පොල්තෙල් හා මිශ්‍රකර මදක් රත්කර හිසේ ආලේප කිරීමෙන් අකලට හිසකෙස් වැටීම, හිසකෙස් තුනී වීම, රෝග මැඩ නිරෝගී කළු වන් කෙස් කලබක් ලබා දේ. උළුහාල් ඇට වලින් නිස්සාරණය කරනා උළුහාල් තෙල් (Fenugreekoil) රෝම කූප උත්තේජනය කර කෙස් වැවීම බලගන්වන හෙයින් තට්ටය පෑදීම රැවුල වැවීමේ මද බව වැනි ගැටලු සඳහාද විසඳුම් ලබාදේ.   

වාත සමන හා වාත අනුලෝමන ගුණ සහිත උළුහාල් දේහයේ ඇතිවන විවිධ වේදනාවන් සමනය කර දේ. ප්‍රධාන වශ​ෙයන් කාන්තාවන්ගේ මාස් ශුද්ධියේදී ඇතිවන වේදනාව මදක් තුනී කර ගැනීම සඳහා උළුහාල් තැම්බූ වතුර භාවිතයෙන් සහනය ලැබේ.   

ස්වභාවයෙන්ම තීක්ෂණ, උෂ්ණ හා ලඝු ගුණ අන්තර්ගත වෙන උළුහාල් සිරුරේ සියලු අවරෝධ වූ නාළ හා මාර්ග (ස්‍රෝතස්) පිරිසිදු කිරීමට උපකාරී වේ.   

එහෙයින් කොලෙස්ටරෝල් අධිරුධිර පීඩනය වැනි රෝගවලට ද උළුහාල් ඉතා හොඳ ඔසුවකි. තවද කිරිදෙන මව්වරුන්ගේ කිරි හිරවීම ඇති විට එම තත්ත්වය මැඩලීමටද මව්කිරි නිපදවීම උත්තේජනය කිරීමේ හැකියාවක්ද උළුහාල් සතු වේ.   

විදුරු මස් නිරෝගී කරවන උළුහාල් මුඛ දුර්ගන්ධයටද කදිම ඔසුවක් වේ. සෙම් රෝග වලටද විසඳුම් දෙන කඵ නාශක ගුණ සහිතව උළුහාල් උගුරේ ඇතිවන ආසාදන තත්ත්වයන් ද සුවකර දේ.   

ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය නිපදවී මෙහිලා උළුහාල්වල වැදගත්කම නූතන පරීක්ෂණ වලින් සනාථ කර ඇති අතර, එමගින් ලිංගික බෙලහීනතාව මැඩලා වාජීකරණ ඔසුවක් ලෙස ක්‍රියාකිරීමේ අපූර්ව හැකියාවක්ද උළුහාල් සතුය.   

අප පැරැන්නන් එදා වාත රෝගයක් ඇති වූ විට උළුහාල් සුදු ලූනු හා එක්කර තම්බා බීමට පුරුදු වී සිටි අතර සන්ධිවල වේදනාවක් ඇති වූ විට උළුහාල් ඇල්දියෙන් අඹරා ගෑමට පුරුදු වී සිටියහ. එමගින් ඔවුන් ප්‍රත්‍යක්ෂ සහනයක් ලැබීය.   

තවද පිළිකා නැසීමටත් මුත්‍රාගල් සෑදීම වැළැක්වීමටත් අක්මා හා මොළයේ සෛල අනිසි ලෙස බිඳවැටීම පාලනයටත් උළුහාල් ඉතාම උපකාරී වන බව මේ වන විට සොයාගෙන තිබේ.   

උළුහාල් කුඩු තේ හැන්දක් කඩල පිටි තේ හැන්දක් සමඟ මිශ්‍රකර ඇල් දියෙන් හෝ එළකිරෙන් අනා මුහුණේ ආලේප කර පැයක් පමණ තබා සෝදා හැරීමෙන් මුහුණට දීප්තිමත් පෙනුමක් ලැබේ. ඊට අමතරව මෙම අමුද්‍රව්‍ය සම පිරිසිදු කරනා ස්ක්‍රබ් එකක් ලෙසටද භාවිත කළ හැකිය. එමගින් මැරුණු සෛල ඉවත්කර නිරෝගී සමක් ලබාගැනීමටත් එය කදිම විසඳුමකි.

Tuesday, September 24, 2019

මාළු වල ගුණ අගුණ

හැම වර්ගයකම මාළු ඔබේ ශරීරයට හිතකරයි. නිතරම කන කෑම වල නැති ගොඩක් පෝෂක ද්‍රව්‍ය මාළු වල තියනවා. ඉතාම ඉස්තරම් ප්‍රෝටීන් , අයඩින්, විටමින් සහ ඛනිජ ලවන වර්ග මාළු වල යහමින් අඩංගුයි. මේද අඩංගු මාළු වර්ග වැඩියෙන්ම ගුණ මාළු වර්ග ලෙස පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියනවා.

මේද සහිත පෝෂක ද්‍රව්‍ය වලින් අනූන ලෙස සලකන්නේ සැමන්, ට්‍රවුට්, ටූනා, මැකරල් වැනි මාළු වර්ගයි. මේදයේ දියවන විටමින් D කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුට අඩුවෙන් ලැබෙන විටමින් වර්ගයක්. ශරීරයේ හෝර්මෝන ශ්‍රාවය නිසි ලෙස කරගෙන යන්න මේ විටමින් එක ගොඩක් උදවු වෙනවා.

මේද අධික මාළු වල තිබෙන තවත් වටිනා පෝෂකයක් තමයි Omega 3 මේද අම්ලය කියන්නේ. ශරීරය සහ මොළය නිසි ලෙස ක්‍රියා කරන්නට omega – 3 ඉතාම වැදගත් වෙනවා විතරක් නෙවෙයි ලෙඩ රෝග ගොඩක් වළක්වන්නත් උදවු වෙනවා. ලෝකයේ වැඩියෙන්ම අකල් මරණ වලට හේතු වෙන්නේ හදවත් අබාධ. නමුත් සුභ ආරංචිය තමයි සතියකට තුන් පාරක් විතර මාළු කනවා නම් හදවත් අබාධ ඇති වීමේ අවධානම ගොඩක් අඩු වෙනවා කියන එක.

මාළු වල බහුලව අඩංගු omega 3 සහ DHA ( docosahexaenoic acid) කියන්නේ දරුවෙක්ගේ මොළය සහ ඇස වර්ධනය කරන්න උවමනා කරන දේවල්. ඒක නිසා මාළු සතියකට කීප වරක් ආහාරයට ගැනීම ඉතාම වැදගත්. නමුත් අමු මාළු යොදල හදන ශුෂි ( sushi) වැනි කෑම ගර්භනී කාලයේදී නොකා සිටීය යුතුයි. මොකද එවුවගේ අඩංගු ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් දරුවට හානි කරන්න පුළුවන්.වයසින් වියපත් වීම සමග මොලයේ මතකය, ඉන්ද්‍රියන් පාලනය සහ කථනය වැනි ක්‍රියාවන් අඩපන වෙනවා. බොහෝ අධ්‍යනයන්ට අනුව වැඩිපුර මාළු ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ වයසට යාම සමග ඇතිවන Alzheimer’s disease වැනි අබාධ අවමයි.

මාළු වල ඇති omega 3 මානසික අවපීඩනය නැත්නම් depression සමනය කරන්නත් හේතු වෙනවා. මොලයේ නිසි ක්‍රියාකාරීත්වය ඇතිකර සතුට වැඩිවන හෝර්මෝන ශ්‍රාවය කිරීමට දායක වෙන මාළු නිතරම කන්න ඕනේ.මාළු වල ඇති omega 3 මේද අම්ලය වයසට යන විට ඇති වන අක්ෂි අබාධ සාර්ථකව වලක්වන බව සායනිකව තහවුරු වී ඇත.නින්ද යාමේ ප්‍රශ්න ලෝකය පුරාම පැතිරෙමින් තිබෙනවා. වෛද්‍ය වරුන් විශ්වාස කරනවා විටමින් D ඌණතාවය මෙයට හේතුවක් කියල. මාළු වල බහුලව ඇති විටමින් D මගින් මෙයට හොඳ විස්නදුමක් ලැබෙනවා.

හාල්මැස්සන් - ඉක්මනින් දිරවයි.වාතය පිත නසයි. 
බල මාළු - පාන්ඩුව, මන්දපෝෂණය නැති කරයි. සෙම මර්ධනය කරයි. 
ලූල් මාළු - සිසිල් ගුණයෙන් යුක්තයි. වාතය නසයි. 
තෝර මාළු - ආහාර රුචිය වවයි. වාතය පිත සෙම සමනය කරයි. සෙම මර්ධනය කරයි. 
පෙතියා මාළු - ශරීරය පුෂ්ටිමත් කරයි. පිත මර්ධනය කරයි. 
මඩු මාළු - රුධිරයේ දෝෂ නසයි. වාත ආබාධ නැති කරවයි. සෙම වැවයි. ශරීරය පුෂ්ටිමත් කරයි. 
ආඳා මාළු - ඇස් පෙනීම සහ කන් ඇසීම දියුණු කරවයි. ශරීරය පුෂ්ටිමත් කරයි. සෙම වඩවයි. 
ඉස්සන් - දිරවීම ප්‍රමාද කරවයි. සෙමට අහිතකර වේ.



References:

Sunday, September 15, 2019

Carbohydrates - කාබෝහයිඩ්‍රේට්

කාබෝහයිඩ්‍රේට් කියන්නේ අපේ ඇඟේ තියන ප්‍රධානම සහ ඉක්මනින්ම භාවිතා කල හැකි ශක්තියයි.කාබෝහයිඩ්‍රේට් කියන්නේ සීනී.මොන විදිහෙන් ගත්තොත් සීනී තමයි.කාබෝහයිඩ්‍රේට් අනූවක් හැදිලා තියෙන්නේ කාබන්,හයිඩ්‍රජන්,සහ ඔක්සිජන් වලින්.

Carbohydrates are one of 3 macronutrients (nutrients that form a large part of our diet) found in food – the others being fat and protein.

මීට අමතරව කාබෝහයිඩ්‍රේට් හා එහි ව්‍යුත්පන්නයන් ප්‍රතිශක්තිකරන පද්ධතියේ ක්‍රියාකාරීත්වයට , ප්‍රජනනය සදහා , රුධිර කැටි ගැසීම සදහා සහ වර්ධනයට උපකාරීවේ.

Carbs broken down into glucose (sugar) before being absorbed into the bloodstream. From there, the glucose enters the body's cells with the help of insulin.

කාබෝහයිඩ්‍රේට් ස්වභාවයෙන්ම සිරුරට අහිතකර නොමැති බව මතක තබා ගැනීම වැදගත්ය. ඔබේ සිරුරට අවශ්‍ය ශක්තිය ලබා දීමට දහනය සඳහා ග්ලූකෝස් නිෂ්පාදනය සඳහා කාබෝහයිඩ්‍රේට් උවමනාය. එහෙත් පෝෂණ ගුණයෙන් සපිරි ආහාර ගැනීම කෙරෙහි මෙන්ම එහි ප්‍රමාණය පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය.


Glucose is used by your body for energy, fueling all of your activities, whether going for a run or simply breathing. 

Unused glucose can be converted to glycogen found in the liver and muscles. 

If more glucose is consumed than can be stored as glycogen, it's converted to fat for long-term storage of energy.

බොහෝ දෙනා පළතුරුවල කාබෝහයිඩ්‍රේට් අඩංගු බව අවබෝධ කර ගන්නේ නැත. එසේම රතු හාල් ඇතුළු සියලුම ධාන්‍යමය ආහාර කාබෝහයිඩ්‍රේට්වලින් තොර ආහාර නොවන බව වටහා ගන්නේ නැත. එම ආහාරවල කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙයි.

Fruit and vegetables, pulses, wholegrain and wholewheat varieties of starchy foods, and potatoes eaten with their skins on, are good sources of fibre.


Resources:

Saturday, September 14, 2019

Beer - බියර්

Image result for beer nutrition facts

Cigarettes - සිගරට්වල හොඳ නරක



සිගරට් බොන එක කියන්නේ නවත්තන්න හරිම අපහසු නරක පුරුද්දක් කියන එක කවුරුත් වගේ දන්නවා. ඉතාම දරුණුවට ඇබ්බැහි වෙන සංයෝගය වන නිකොටීන් අඩංගු වන නිසා තමයි මේ වගේ සිගරට් බොන එක නවත්තන්න බැරි වෙන්නේ.

සිගරට් වල ප්‍රධාන සංඝටකය වෙන දුම්කොළ අත ඇරලා සැලකුවාම ශරීරයට අහිතකර සංයෝග 4000ක් විතර සිගරට් එකක් තුල අඩංගුයි. මෙයින් 50ක විතර ප්‍රමාණයක් පිළිකා ඇති කරවන බවට තහවුරු වුන දේවල්.

නිකොටීන් 

නිකොටීන් කියන්නේ මිනිසා නිතර පාවිච්චි කරන දේවල් වලින් ඇබ්බැහි වීමේ හැකියාව ඉහලම සංයෝගයයි. මේ නිසා නිකොටීන් ඇබ්බැහියට ලක් වුනු කෙනෙක්ට නිකොටීන් නැතිව ඉන්න බැරි වෙනවා. නවත්තලා හිටියත් දරුණු විදිහට ඇඟ ලෙඩ වෙනවා. නිකොටීන් අත්‍යාවශ්‍ය දෙයක් බවට පත් වෙනවා.

කාබන් මොනොක්සයිඞ් 

මේ කාබන් මොනොක්සයිඞ් කියන්නේ උග්‍ර විෂක්. අපේ ලේ වලට එකතු වෙලා ඔක්සිජන් ගෙන යන එක අඩු කරන්න මේකට පුළුවන්. කාබන් මොනොක්සයිඞ් වැඩිපුර ආඝාණය වුණාම ඉක්මනින් මිය යන්න ඉඩක් තියෙනවා. ඒ වගේ දෙයක් නිතර උරා බොන එක හොඳද කියලා ඔබම තීරණය කරන්න.

  • ආසනික් – මී විෂ වල අඩංගු ප්‍රධාන ක්‍රියාකාරී සංයෝගය 
  • හයිඩ්‍රජන් සයනයිඞ් – උග්‍ර විෂ වායුවක්.. ලෝක යුද්ධ සමයේ විෂ වායු ප්‍රහාර වලට පාවිච්චි වුණා. දැන් නීතියෙන් තහනම් කරලා තියෙන්නේ. 
  • DDT – පිළිකා කාරක කෘමි නාශක වර්ගයක්’ 
  • සල්ෆියුරික් අම්ලය – මිනිස් සමට දරුණු හානි පමුණුවන ප්‍රබල අම්ලයක්. 
  • බියුටේන් – LP වායුවේ තියෙන හුස්ම ගන්න හොඳ නැතිම වායුවක්. 
  • කැඞ්මියම්ල මල්ටිටෝල් – නීතියෙන් තහනම් රසකාරක වර්ගයක්.


e-සිගරට්වල හොඳ නරක

E-සිගරට් එකක් කියන්නේ බොහෝ විට නිකොටීන් අඩංගු වන යම් ද්‍රාවණයක් වාෂ්ප කරලා එය ආඝ්‍රාණය කරන්න ඉඩ සලසන උපාංගයක්.



සාමාන්‍ය දුම්වැටියක් පාවිච්චි කළ හැක්කේ එකවරක් පමණක් වුවත් e-සිගරට් එකකට අදාළ ද්‍රවය පිරවීම සහ බැටරිය චාජ් කිරීම මගින් එය නැවත නැවත භාවිතයට හැකියාව ලැබෙනවා. මේ නිසා ක්‍රියාකාරීත්වය අතින් e-සිගරට් එකක් වඩාත් සමාන වෙන්නේ නැවත නැවත දුම්කොළ පුරවා භාවිත කරන දුම් පයිප්පයකට යි.

මෙම ද්‍රාවණයන් නිකොටීන් සාන්ද්‍රණය අඩු වැඩි කරමින් නිෂ්පාදනය කරන්න හැකි වීමත් වාසියක්. දුම් බොන්න පුරුදු වී සිටින කෙනෙකුට නිකොටීන් සාන්ද්‍රණය ඉහළ ද්‍රාවණයකින් පටන් අරන් සාන්ද්‍රණය අඩුම ද්‍රාවණයක් දක්වා ක්‍රම ක්‍රමයෙන් අඩු කරගන්න අවස්ථාවක් කියලත් e-සිගරට් අලෙවිකරණය සිදුවෙනවා.

References:

Meal Plans - නිවැරදිව ආහාර තෝරාගන්නේ කොහොමද



When buying food items from your grocery shop, it's important to understand how to read the labels. Download this guide to know how. 

Human Liver - මිනිස් අක්මාව

අක්මාව මිනිස් දේහයේ පවතින දෙවන විශාලතම ඉන්ද්‍රියයි. නමුත් අන්තරංග අවයව වලින් විශාලතම අවයවයි. මෙය දේහයේ වූ විශාලතම ග්‍රන්ථියයි.

අක්මාවට සම්පූර්ණයෙන්ම නැවත වැඩීමේ පුදුමාකාර හැකියාවක් තිබෙනවා. මේ සඳහා අක්මා පටකයෙන් 25% ක් තිබීම ප්‍රමාණවත් වෙනවා. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුගේ අක්මාවෙන් 50%ක් ඉවත් කළහොත් නැවත සම්පූර්ණයෙන් එය වැඩීම සති 2ක පමණ කාලයකින් සිදුවන බව පැවසෙනවා.

ඇත්තෙන්ම පිත නිපදවන්නේ අක්මාවෙන්. පිත කොළ, කහ හෝ දුඹුරු පැහැති වන අතර අක්මාව මඟින් දිනකට මිලිලීටර 700 ත් ලීටර 1ත් අතර ප්‍රමාණයක් නිපදවනු ලබනවා.

Lifestyle changes for cirrhosis 

  • Eat a low-sodium diet. Excess salt can cause your body to retain fluids, worsening swelling in your abdomen and legs. Use herbs for seasoning your food, rather than salt. Choose prepared foods that are low in sodium.
  • Eat a healthy diet. People with cirrhosis can experience malnutrition. Combat this with a healthy plant-based diet that includes a variety of fruits and vegetables. Choose lean protein, such as legumes, poultry or fish. Avoid raw seafood.
  • Avoid infections. Cirrhosis makes it more difficult for you to fight off infections. Protect yourself by avoiding people who are sick and washing your hands frequently. Get vaccinated for hepatitis A and B, influenza, and pneumonia.

Good food for Liver

  • Coffee: protective effects of coffee are due to how it influences liver enzymes. Coffee, it reports, seems to reduce fat buildup in the liver. 
    • It also increases protective antioxidants in the liver. Compounds in coffee also help liver enzymes rid the body of cancer-causing substances.
  • Oatmeal
  • Green tea: green tea may help reduce overall fat content
  • Garlic
  • Grapes
  • Plant foods in general
    • avocado 
    • banana 
    • barley 
    • beets and beet juice 
    • broccoli 
    • brown rice 
    • carrots 
    • fig 
    • greens such as kale and collards 
    • lemon 
    • papaya 
    • watermelon
  • Fatty fish
  • Nuts
  • Olive oil

Bad for Liver

  • Fatty foods: These include fried foods, fast food
  • Starchy foods: These include breads, pasta, and cakes or baked goods.
  • Sugar
  • Salt


References

Friday, September 13, 2019

All about Milk Powder - කිරිපිටි බොන්න කලින් මේ දේවල් දැනගෙන බොන්න

ඇත්තෙන්ම කිරිපිටි කරළියට පැමිණ ඇත්තේ වඩා පහසුවෙන් පරිහරණය කිරීම හා සාපේක්ෂව ලාභදායී නිසා යි. පිටිකළ කිරි නිපදවෙන්නේ ස්වභාවික ක්ෂීරය පිටි බවට පත් කිරීමෙනුයි. මෙහිදී කිරි කුඩා බිඳිති ලෙස කුටීරයකට විසිරුවා හැරෙන අතර එහි පවතින ඉහළ උෂ්ණත්වය හා අඩු සාපේක්ෂ ආර්ද්‍රතාව හේතුවෙන් එම බිඳිතිවල ජලය වාෂ්ප වී යනවා.










Daily Intake of Sugar - දවසකට සීනි කොච්චර හොදද

Added sugar is the single worst ingredient in the modern diet. It provides calories with no added nutrients and can damage your metabolism in the long run.

The most common added sugars are regular table sugar (sucrose) and high-fructose corn syrup. Sugar that’s added to processed foods is much worse than natural sugar in whole foods like fruits and vegetables.

What Is a Safe Amount of Sugar to Eat Per Day?


Unfortunately, there is no simple answer to this question. Some people can eat a lot of sugar without harm, while others should avoid it as much as possible. 

According to the American Heart Association (AHA), the maximum amount of added sugars you should eat in a day are (7): 
  • Men: 150 calories per day (37.5 grams or 9 teaspoons) 
  • Women: 100 calories per day (25 grams or 6 teaspoons)

Carbonated Drinks



A natural, zero-calorie alternative to sugar is stevia.

What is a Hernia - මොනවද මේ හර්නියා



හර්නියාවක් ලෙස හඳුන්වන්නේ ශරීර අභ්‍යන්තරයේ ඇති අවයවයක් හෝ ඉන් කොටසක් එය සැකසී ඇති බිත්තියේ ඇති දුර්වල ස්ථානයකින් පිටතට පැමිණීමයි.

හර්නියා ඇතිවීමට හේතුන්

  • බාහිර බිත්තියේ දුර්වල බව
  • අවයව මඟින් අවට බිත්ති මත අධිකව යෙදෙන පීඩනය


Resources